Friday, August 27, 2010

හොරෙන් යන්න මෙන්න ඉගෙන ගන්න…





ඔන්න ටිකිරිමලී තවත් කතාවක් කියන්නයි ලෑස්ති වෙන්නෙ. මේක ටිකිරිමලී ගිය බස් එකකයි සිද්ද උනේ.

දවසක් ටිකිරිමලී කොළඹ ඉදන් රත්නපුර යන බස් එකකට නැග්ගා පොඩි ගමනක් යන්න. හිටගෙන තමයි යන්න උනේ. ටිකිරිමලී  හිටගෙන හිටපු තැන ළග සීට් එකේ ජනේලෙ ගාව හිටපු අන්කල් හොදටම නිදි. ඔන්න ටිකකින් බස් එක අවිස්සාවේල්ල පහු කළා. තව ටික දුරක් යද්දි මෙන්න කොන්දොස්තර අයියා අස්සයෙක් වගේ පිඹගෙන අර අන්කල් ගාවට ආවා.

සමහර බස් කොන්දොස්තරලා හරිම විපරම්. මෙයත් ටිකිරිමලීට හිතුන විදිහට එහෙම කෙනෙක්. ඔයාලත් දැකලා ඇති සමහරු “….. හෝල්ට් එකෙන් 4දෙනෙක් නැග්ගා. 3 දෙනෙක් ටිකට් ගත්තා.. කෝ අනිත් එක්කෙනා…” කියලා එහෙම අහනවා.

ඔන්න ඉතින් කොන්දොස්තර අයියා අර අන්කල්ව හොල්ලලා නැගිට්ටෙව්වා. දැන් බස් එක ඇහැලියගොඩටත් කිට්ටු කරලා. බස් එකටම ඇහෙන්න මෙහෙම ඇහුවා.  

“ ඔයා ටිකට් ගත්තෙ අවිස්සාවේල්ලට නේද???  දැන් ඇහැලියගොඩටත් කිට්ටුයි….”

අර මනුස්සයා නැගිටලා වටපිට  බැලුවා. ඊට පස්සෙ කිසිම ලැජ්ජාවක් නැතුව මොකක්ද දන්නවද කිව්වෙ.

“රත්නපුරට ටිකට් එකක් දෙන්න…”

අනේ ඉතින් ටිකිරිමලීට එහෙම ඔහොම දෙයක් උනානම් සවලක් අරන් බිම හාරගෙන යනවා. සමහරවිට ඒ අන්කල් එහෙම නොකලෙ බස් එකේ සවලක් නොතිබ්බ නිසා වෙන්න ඇති. හොද වෙලාවට කොන්දොස්තර අයියා වෙන මොනවත් කිව්වෙ නෑ. එයාට පරක්කුවෙලා හරි ගාන හම්බවුනානෙ. ඒත් ඉතින් බස් එකේ හැමෝටම තේරුනා වැඩේ.

ඇයි දෙවියනේ කොළඹ ඉදන් රත්නපුර යන බස් එකේ අවිස්සාවේල්ලට ටිකට් අරගෙන නින්ද ගියානම් ඇහැරුන තැනෙන් බැහැල ආපහු  අවිස්සාවේල්ලට යන්න එපැයි….අහවල් දේකටද රත්නපුරට ආයෙත් ටිකට් ගන්නෙ… ????

ඔන්න ඔහොමයි අන්කල් කොළඹ ඉදන් රත්නපුර ගියේ. කොන්දොස්තර අයියට මීටර් නොවුනනම් ගමන් ගාස්තුවෙන් භාගයක් ඉතුරුයි….

Thursday, August 26, 2010

පරිගනකයෙන් ඇගිලි සලකුනු බලා අනාවැකි සින්හලෙන්….

ඔන්න ඉතින් කට්ටිය හිතන්න එපා ටිකිරිමලී සාස්තර කියන්න හදනව කියලා. මේ දවස්වල අපේ පැත්තෙ තාවකාලික කඩයක් දාලා තියෙයි. නම තමයි …

පරිගනකයෙන් ඇගිලි සලකුනු බලා අනාවැකි සින්හලෙන්….

අනේ ඉතින් ටිකිරිමලී ඒ පැත්තෙන් යනකොට දකිනවා අඩු ගනනෙ පස් හය දෙනෙක්වත් ඔතන ඉන්නවා පෝලිමේ. ටිකිරිමලීට නම් හිතෙන්නෙ ඒ මිනිස්සුන්ට පිස්සු කියලා. එතනින් යනකොට ටිකිරිමලීටත් හම්බඋනා Leaflet එකක්. ඒකෙ තියන විදිහට

“ ඔබේ ඇගිලි සලකුනු විශේශිත වූ යන්ත්‍රයක් මගින් පරිගනකයට ලබාදුන් විගස ඔබ මවිත කරවන ඔබේ ජීවිත පලාපල පිටු හතකින් යුතු සිxහල මුද්‍රිත  පොතක් වශයෙන් මොහොතකින් ඔබට ලබාගත හැකිය”.

ඔන්න ඉතින් ටික දවසකට පස්සෙ ටිකිරිමලීට ආරන්චි උනා ටිකිරිමලී දන්න කියන ඇන්ටි කෙනෙක් තව මාස හතරකින් මැරෙනවා  කියලා ගජරාමෙට පින් දහම් කරන වග. තව ගෙදර ත්‍රීවීල් එකත් විකුනන්න යනවලු… රත්තරන් බඩු එයාගෙ අක්කල නන්ගිලට බෙදන්න යනවලු….

බලාගෙන ගියහම මොකද දන්නවද වෙලා තියෙන්නෙ.අර පලාපල විස්තරෙත් එක්ක අමතර ගෙවීමක් කරලා තමුන් මැරෙන කාල හෝරාව, මැරෙන හැටි, මැරෙන තැන ගැන විස්තරේකුත් ගන්න පුලුවන්. අනේ ඉතින් අර ඇන්ටිගෙ එකේ තියනවලු අවුරුදු හතලිස්පහ වෙනකොට මැරෙනවා කියලා.                                      අවුරුදු හතලිස්පහ ලබන්න තව මාස හතරයි…!!!!!

ඉතින් මොකටද ත්‍රීවීල් ??????

මොකටද රත්තරන් බඩු  ?????



Wednesday, August 25, 2010

බලු සුරතල්....




ඔන්න ටිකිරිමලී හා හාපුරා කියලා කතාවක් කියන්නයි යන්නෙ. මේක අපේ විස්ස විජ්ජාලෙ මැඩම් කෙනෙකුට සම්බන්ද කතාවක්....

අපේ මේ මැඩම් බව්ව්න්ට පන වගේ ආදරෙයි. මැඩම් ගාව බව්වන්ට කන්න දෙන්න වෙනම පිගන් තියෙනවා. එයාගෙ වාහනේ එනවා ඇහෙනකොට බව්වො මාර හැපී එකෙන් බුරනවා. මැඩම්  කැම්පස් එක ඇතුලෙ කොහෙහරි යනවනම් බව්වො ටික (වල්ශේශන්) එයාගෙ පස්සෙන් යනවා. ඉතින් හිතා ගන්න පුලුවන්නෙ ආදරේ තරම.

ඔන්න දවසක් මේ එක බව්වෙක් ලෙඩ උනා. හමේ අසනීපයක් කියල හිතා ගන්නකෝ.කැම්පස් එක ඇතුලෙදි බෙහෙත් දීලා හරි නොගිය තැන මැඩම් මේ බව්වව ගෙදර අරන් ගියා. බව්වට සනීප උනා. ඔය කාලෙ දවසක් අපේ ලොකු පන්තියක අයිය කෙනෙක් මැඩම්ගෙ ගෙදර ගිහින් මොකක්ද ලියුමක් ගන්න. යනකොට මැඩම් බව්වව ගෙදර එක එක තැන්වල තියලා ෆොටෝ ගන්නවලු. අපේ මෑන්ව දැකපු  ගමන් ෆොටෝ ගන්න එක එයාට බාරදීලා. දැන් මැඩම් බව්වව තුරුල් කරන් ඉන්න සින් අයිය ෆොටෝ ගන්නවලු යටි හිතෙන් බැන බැන.

ටික වෙලාවකට පස්සෙ මැඩම් කියපු දේ අහලා අයියට කලන්තේ දැම්මලු…
 “ දැන් ඔයා මෙයාව වඩා ගන්න. මම ඔය දෙන්නගෙ ෆොටෝ ගන්නම්…..”

Tuesday, August 24, 2010

අලුත් ටි‍කිරිම‍ලී .......




මම ඔයාලගෙ අලුත්  යාලුවෙක්..... අද නම් වැඩි දෙයක් ලියන්නෙ නෑ. 
ටි‍කිරිම‍ලීව බලන්න ඵන අය වචනෙකින් හරි කමෙන්ට් 1ක් දාලා යනවනම් ටි‍කිරිම‍ලීට හරිම සතුටුයි. ..
අදට ගිහින් ඵන්නම්...!!!!