Thursday, August 26, 2010

පරිගනකයෙන් ඇගිලි සලකුනු බලා අනාවැකි සින්හලෙන්….

ඔන්න ඉතින් කට්ටිය හිතන්න එපා ටිකිරිමලී සාස්තර කියන්න හදනව කියලා. මේ දවස්වල අපේ පැත්තෙ තාවකාලික කඩයක් දාලා තියෙයි. නම තමයි …

පරිගනකයෙන් ඇගිලි සලකුනු බලා අනාවැකි සින්හලෙන්….

අනේ ඉතින් ටිකිරිමලී ඒ පැත්තෙන් යනකොට දකිනවා අඩු ගනනෙ පස් හය දෙනෙක්වත් ඔතන ඉන්නවා පෝලිමේ. ටිකිරිමලීට නම් හිතෙන්නෙ ඒ මිනිස්සුන්ට පිස්සු කියලා. එතනින් යනකොට ටිකිරිමලීටත් හම්බඋනා Leaflet එකක්. ඒකෙ තියන විදිහට

“ ඔබේ ඇගිලි සලකුනු විශේශිත වූ යන්ත්‍රයක් මගින් පරිගනකයට ලබාදුන් විගස ඔබ මවිත කරවන ඔබේ ජීවිත පලාපල පිටු හතකින් යුතු සිxහල මුද්‍රිත  පොතක් වශයෙන් මොහොතකින් ඔබට ලබාගත හැකිය”.

ඔන්න ඉතින් ටික දවසකට පස්සෙ ටිකිරිමලීට ආරන්චි උනා ටිකිරිමලී දන්න කියන ඇන්ටි කෙනෙක් තව මාස හතරකින් මැරෙනවා  කියලා ගජරාමෙට පින් දහම් කරන වග. තව ගෙදර ත්‍රීවීල් එකත් විකුනන්න යනවලු… රත්තරන් බඩු එයාගෙ අක්කල නන්ගිලට බෙදන්න යනවලු….

බලාගෙන ගියහම මොකද දන්නවද වෙලා තියෙන්නෙ.අර පලාපල විස්තරෙත් එක්ක අමතර ගෙවීමක් කරලා තමුන් මැරෙන කාල හෝරාව, මැරෙන හැටි, මැරෙන තැන ගැන විස්තරේකුත් ගන්න පුලුවන්. අනේ ඉතින් අර ඇන්ටිගෙ එකේ තියනවලු අවුරුදු හතලිස්පහ වෙනකොට මැරෙනවා කියලා.                                      අවුරුදු හතලිස්පහ ලබන්න තව මාස හතරයි…!!!!!

ඉතින් මොකටද ත්‍රීවීල් ??????

මොකටද රත්තරන් බඩු  ?????



4 comments:

  1. මෝඩ කමට බෙහෙත් නැහැනෙ ටිකිරි මලියො හික් හික්

    ReplyDelete
  2. නෑයෙක් වත් ගානක් දීල කරවගත්තු වැඩක්ද දන්නෑ.......

    ReplyDelete
  3. හපොයි! මමනං ඔයවගේ වැඩ වලට කැමති නෑ.ඇත්ත වුණත් බොරු වුණත් තේරුමක් නැති වැඩ...

    ReplyDelete
  4. ඕවා ඉතින් සල්ලි ගරා ගන්න කරන කපටි වැඩ තමයි

    ReplyDelete