Friday, August 27, 2010

හොරෙන් යන්න මෙන්න ඉගෙන ගන්න…





ඔන්න ටිකිරිමලී තවත් කතාවක් කියන්නයි ලෑස්ති වෙන්නෙ. මේක ටිකිරිමලී ගිය බස් එකකයි සිද්ද උනේ.

දවසක් ටිකිරිමලී කොළඹ ඉදන් රත්නපුර යන බස් එකකට නැග්ගා පොඩි ගමනක් යන්න. හිටගෙන තමයි යන්න උනේ. ටිකිරිමලී  හිටගෙන හිටපු තැන ළග සීට් එකේ ජනේලෙ ගාව හිටපු අන්කල් හොදටම නිදි. ඔන්න ටිකකින් බස් එක අවිස්සාවේල්ල පහු කළා. තව ටික දුරක් යද්දි මෙන්න කොන්දොස්තර අයියා අස්සයෙක් වගේ පිඹගෙන අර අන්කල් ගාවට ආවා.

සමහර බස් කොන්දොස්තරලා හරිම විපරම්. මෙයත් ටිකිරිමලීට හිතුන විදිහට එහෙම කෙනෙක්. ඔයාලත් දැකලා ඇති සමහරු “….. හෝල්ට් එකෙන් 4දෙනෙක් නැග්ගා. 3 දෙනෙක් ටිකට් ගත්තා.. කෝ අනිත් එක්කෙනා…” කියලා එහෙම අහනවා.

ඔන්න ඉතින් කොන්දොස්තර අයියා අර අන්කල්ව හොල්ලලා නැගිට්ටෙව්වා. දැන් බස් එක ඇහැලියගොඩටත් කිට්ටු කරලා. බස් එකටම ඇහෙන්න මෙහෙම ඇහුවා.  

“ ඔයා ටිකට් ගත්තෙ අවිස්සාවේල්ලට නේද???  දැන් ඇහැලියගොඩටත් කිට්ටුයි….”

අර මනුස්සයා නැගිටලා වටපිට  බැලුවා. ඊට පස්සෙ කිසිම ලැජ්ජාවක් නැතුව මොකක්ද දන්නවද කිව්වෙ.

“රත්නපුරට ටිකට් එකක් දෙන්න…”

අනේ ඉතින් ටිකිරිමලීට එහෙම ඔහොම දෙයක් උනානම් සවලක් අරන් බිම හාරගෙන යනවා. සමහරවිට ඒ අන්කල් එහෙම නොකලෙ බස් එකේ සවලක් නොතිබ්බ නිසා වෙන්න ඇති. හොද වෙලාවට කොන්දොස්තර අයියා වෙන මොනවත් කිව්වෙ නෑ. එයාට පරක්කුවෙලා හරි ගාන හම්බවුනානෙ. ඒත් ඉතින් බස් එකේ හැමෝටම තේරුනා වැඩේ.

ඇයි දෙවියනේ කොළඹ ඉදන් රත්නපුර යන බස් එකේ අවිස්සාවේල්ලට ටිකට් අරගෙන නින්ද ගියානම් ඇහැරුන තැනෙන් බැහැල ආපහු  අවිස්සාවේල්ලට යන්න එපැයි….අහවල් දේකටද රත්නපුරට ආයෙත් ටිකට් ගන්නෙ… ????

ඔන්න ඔහොමයි අන්කල් කොළඹ ඉදන් රත්නපුර ගියේ. කොන්දොස්තර අයියට මීටර් නොවුනනම් ගමන් ගාස්තුවෙන් භාගයක් ඉතුරුයි….

2 comments:

  1. ඔන් එහෙනම් ටිකිරිමලී කෙනෙකුත් ඉන්නවා .........
    ජය හෝ අක්කා ...අප්පටසිරි කැම්පස් ද ?
    ඔන්න ටිකිටි මලයත් ඔලුවදාල ගියා හොඳේ ....
    ජය වේවා ...
    tikirimalli.blogspot.com
    ටිකිරිමල්ලි නොහොත් පණ්ඩිතයා ....

    ReplyDelete