Wednesday, August 25, 2010

බලු සුරතල්....




ඔන්න ටිකිරිමලී හා හාපුරා කියලා කතාවක් කියන්නයි යන්නෙ. මේක අපේ විස්ස විජ්ජාලෙ මැඩම් කෙනෙකුට සම්බන්ද කතාවක්....

අපේ මේ මැඩම් බව්ව්න්ට පන වගේ ආදරෙයි. මැඩම් ගාව බව්වන්ට කන්න දෙන්න වෙනම පිගන් තියෙනවා. එයාගෙ වාහනේ එනවා ඇහෙනකොට බව්වො මාර හැපී එකෙන් බුරනවා. මැඩම්  කැම්පස් එක ඇතුලෙ කොහෙහරි යනවනම් බව්වො ටික (වල්ශේශන්) එයාගෙ පස්සෙන් යනවා. ඉතින් හිතා ගන්න පුලුවන්නෙ ආදරේ තරම.

ඔන්න දවසක් මේ එක බව්වෙක් ලෙඩ උනා. හමේ අසනීපයක් කියල හිතා ගන්නකෝ.කැම්පස් එක ඇතුලෙදි බෙහෙත් දීලා හරි නොගිය තැන මැඩම් මේ බව්වව ගෙදර අරන් ගියා. බව්වට සනීප උනා. ඔය කාලෙ දවසක් අපේ ලොකු පන්තියක අයිය කෙනෙක් මැඩම්ගෙ ගෙදර ගිහින් මොකක්ද ලියුමක් ගන්න. යනකොට මැඩම් බව්වව ගෙදර එක එක තැන්වල තියලා ෆොටෝ ගන්නවලු. අපේ මෑන්ව දැකපු  ගමන් ෆොටෝ ගන්න එක එයාට බාරදීලා. දැන් මැඩම් බව්වව තුරුල් කරන් ඉන්න සින් අයිය ෆොටෝ ගන්නවලු යටි හිතෙන් බැන බැන.

ටික වෙලාවකට පස්සෙ මැඩම් කියපු දේ අහලා අයියට කලන්තේ දැම්මලු…
 “ දැන් ඔයා මෙයාව වඩා ගන්න. මම ඔය දෙන්නගෙ ෆොටෝ ගන්නම්…..”

8 comments:

  1. සත්තුන්ට ආදරේ කරන අය එහෙම තමා.......

    ReplyDelete
  2. මගේ යාලුවෙකුත් ඉන්නවා ඔහොම.රෑට පූසෙක්ව තුරුලු කරගන නිදාගන්නෙ.කොහොම වුනත් මිනිස්සුන්ට වඩා සත්තු ගාව කලගුණ තියෙනවා.
    දෑන් සින්හල වැඩෙ හරිනෙ.දැන් ඉතින් හෝ ගාලා බ්ලොග් එක ලියන්නයි තියෙන්නෙ අක්කෙ

    ReplyDelete
  3. හික්ස්...මරු කතාව! ටිකිරිමලී තවම 4 වසරෙද? කමක් නෑ කමක් නෑ, පුරුපුරුත් තවම 4 වසරෙ :)

    ReplyDelete
  4. @ blog gadol
    ටිකිරිමලීගෙ 4 වසර ලබන සතියෙ තමයි පටන් ගන්නෙ. අහන්නත් සතුටුයි පුරුපුරුත් 4 වසරෙ කියලා

    ReplyDelete
  5. පුරුපුරුගෙ 4 වසරත් ලබන සතියෙ තමයි පටන් ගන්නෙ.එක කැම්පස් එකේද දන්නෙ නැ

    ReplyDelete
  6. @ blog gadol
    පුරුපුරු, දෙන්න බලන්න පොඩි ඉගියක්...

    ReplyDelete
  7. කොළොම්පුර පැත්තෙ...;)

    ReplyDelete
  8. @ blog gadol
    අපිත් කොලොම්පුර පැත්තෙ තමයි. ඒත් ඉතින් කොලොම්පුරම නම් නෙවෙයි.

    ReplyDelete